ජෛව පද්ධති තාක්ෂණවේදය සහ කෘෂි විද්‍යාව නව පංති ආරම්භය

ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ,

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වී අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ඔබට මාගේ හද පිරි සුභ පැතුම් පිරිනමමි. උසස් පෙළ හැදෑරීම සඳහා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව තෝරා ගත් ඔබ අනෙකුත් විෂයධාරා තෝරාගත් සිසුන්ට වඩා ඥාණාන්විත හා කාලෝචිත තීරණයක් ගෙන ඇත. එයට හේතුව වන්නේ මෙම විෂය ධාරාව ඔබ න්‍යායාන්මක දැනුමෙන් පමණක් නොව ප්‍රායෝගික හැකියාවෙන්ද යුක්ත පුද්ගලයකු කරවන බැවිනි.

ඹබ දැනටමත් දන්නා පරිදි ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ තෝරාගත් විෂයක් ඹබ හැදෑරිය යුතුයි. මෙහිදී නම් කරන ලද විෂයන් එකොළහක් අතරින් ඔබේ කැමැත්ත පරිදි තෙවන විෂය තෝරාගත හැක. BST හදාරන බොහෝ ශිෂ්‍යයන් තෙවන විෂය ලෙස කෘෂි විද්‍යාව තෝරා ගනී. එයට හේතුව මෙම විෂයන් දෙක බොහෝ දුරට සමාන වීමයි. බොහෝ ටියුෂන් පන්ති වල මෙම විෂයන් දෙක එකට උගන්වනු ලැබේ. නමුත් 2019 වර්ෂය සඳහා ඹබගේ විෂය නිර්දේෂ වෙනස් කර ඇති අතර එමගින් මෙම විෂයන් දෙකේ සමාන කම් අඩු කර ඇත. එමනිසා මෙම විෂයන් දෙක එකට ඉගැන්වීම තව දුරටත් සාර්ථක නොවනු ඇත.

කෘෂි විද්‍යා උපාධිධාරිනියක වන මා ගම්පහ ප්‍රසිද්ධ පාසලක ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය උගන්වන ගුරුවරියකි. මෙම විෂය ධාරාවට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් මෙහෙයවනු ලැබු සෛද්ධාන්තික සහ ප්‍රායෝගික වැඩමුළු සියල්ලටම සහභාගී වී විෂය පිළිබඳ මනා අවබෝධයක් ලබා ඇති අයෙකි. 2019 විෂය නිර්දේෂ වෙනස් කිරීම හා සම්බන්ධවද මා කටයුතු කල අතර නව විෂය නිර්දේෂයට අදාලව සිදු කෙරෙන පුහුණු වැඩ සටහන් වලටද සහභාගී වෙමි. 2015 සහ 2016 වර්ෂ දෙකේදීම ප්‍රායෝගික පරීක්ෂකවරියක් ලෙස ක්‍රියා කලෙමි.

2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඔබ වෙනුවෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය කරුණු සරළව සහ පැහැදිළිව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වෙන නව පංතිය  2017 අප්‍රේල් මස 2 වෙනිදා සිට සෑම ඉරිදා දිනකම ගම්පහ මොන්ටානා උසස් අධ්‍යාපන ආයතනයේදී සවස 1.00 ට ආරම්භ කරන බව සතුටින් දැනුම් දෙමි.

එමෙන්ම ඔබ සඳහා කෘෂි විද්‍යාව නව පංතියද එදින සවස 3.00 ට මොන්ටානා උසස් අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ.

“දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග“ යන පැරැන්නන්ගේ කියමනට අනුව නොදැන ගොස් මංමුලා නොවී නිවැරදි පාරෙන් විභාගය ජය ගන්න ඔබත් එන්න අපේ පංතියට.

ආදරණීය දෙමව්පියනි, උසස් පෙළ විභාගය සාර්ථකව ජයගන්න ඹබේ දරුවා යා යුත්තේ ප්‍රසිද්ධ පංතියට නො හොඳම පංතියටයි. ප්‍රායෝගික විෂයක් නිසා එකවර විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ඉගැන්වීම සාර්ථක නොවේ. එනිසා මෙම පංති දෙකට සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන නිසා ඔබත් කරන්නහැකි ඉක්මනින් 0717169071 දුරකථන අංකය මගින් පැමිනීම තහවුරු කරන්න.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව නව දැක්මකින් යුතුව හදාරා අනාගතය සාර්ථක කර ගැනීමට ඔබත් එදිනට නොවරදවාම සහභාගි වන්න.

අපි හරි පාරෙන් කතරගම යමු

ස්තූතියි.

අජන්තා පිටදෙනිය  BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology)

071 7169071

Advertisements
This entry was posted in නව පංති and tagged , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s